පන්සිය පනස් ජාතක පොතේ ඇති සමහර කරුණු වල නිරවද්‍යභාවය ගැන සමහරුන් ප්‍රශ්න කරයි. උදාහරණ ලෙස සස ජාතයයේ දැක්වෙන පරිදි සක්‍රයා විසින් හඳේ හාවෙක් ඇඳ නොමැති අතර එය උල්කාපාත නිසා සිදු වූවක් බව සොයාගෙන ඇති බව පවසයි.
නමුත් මම සිතන පරිදි සස ජාතක පුවත සිදු වූයේ මේ මහා භද්‍ර කල්පයේ නොවේ. විශ්වයේ චක්‍රීය ස්වභාවයට අනුව සාපේක්ෂව සමාන කාල ප්‍රාන්ත්‍ර වලදී සමාන පරිසරයන් ඇති වේ. ඒ අනුව සස ජාතයක සිදු වූ කාලයේද පෘථිවියට එක් සඳක් විතරක් තිබෙන්නට ඇත. එසේනම් ඒ කල්පයේ තිබුන සඳේ, සක්‍රයා සස පණ්ඩිතයින්ගේ රූපය ඇන්දා විය හැකිය. සමාන කාල ප්‍රාන්ත වලදී පරිසරය සමාන වන බැවින් පසුවත් එය උල්කා මගින් එලෙස සෑදුනා විය හැකිය. එසේම ජාතක කතා වල ඇති නම් ගම් සමාන වීමෙන් සෑම කල්පයකම සමාන ලක්ෂණ තිබූ බව පැහැදිලි වේ.
සතුන් වර්තමානයේ කතා කරන බව අපිට නොපෙනුනද ඔවුන් අදහස් හුවමාරු කරගනී. තවම විද්‍යාවෙන් ඒ බව ඔප්පු කර නැත්තේ විද්‍යාව තවමත් සිටින්නේ ආරම්භක අවධියේ බැවිනි. විද්‍යාවට නොපෙනුන පළියට සතුන්ට කතා කිරීමට බැහැ කීම මෝඩ කමකි. කතා කිරිම යනු අදහස් ප්‍රකාශ කිරීමක් බැවින් සතුට අදහස් ප්‍රකාශ කළ හැකිනම් එය කතා කිරීමකි. එසේම මන්ත්‍රි දේවියගේ ශාපය නිසා සතුන්ට කතා කිරීමට බැරි වුනා වීමටද හැකිය. (වස් කවි නිසා වන දේවල් අපි අත්දැක ඇත්තෙමු)
බුදුරදුන් ජාතක කතා 548 ක් විතරක් වැදෑරීමටද බොහෝ හේතු තිබෙන්නට ඇත. සමහර විට වැදගත්ම ජාතක කතා විතරක් වැදෑරුවා විය හැකිය. මගේ අදහසනම් ජනතාවට විශ්වාස කළ හැකි ජාතක කතා විතරක් වදාරන්නට ඇති බවයි. භද්‍ර කල්ප වල වෙනස් කාල ප්‍රාන්ත්‍ර වලදී සිදුවූ දේවල් බුදුරදුන් වදාළානම් පෘථක්ජන ජනතාව ඒවා විශ්වාස නොකරනු ඇත. මන්ද යත් අපගේ බුද්ධියට ගෝචර නොවන දේ වුවද කල්පයක වෙනත් කාල ප්‍රාන්ත වලදී සිදු විය හැකි බවයි.
උදාහරණ ලෙස තව වසර 2600 කට පසුව ලෝකයේ සිදුවන ඕනෑම දෙයක් මිනිසාගේ නිවසේ සිට දැක ගත හැකි තාක්ෂණයක් බිහි වෙන බව බුදු රදුන් වදාළානම් බුද්ධ කාලයේ සිටි පෘථක්ජනයා එය විශ්වාස කරයිද? එවිට බුද්ධ වචනය විවේචනය කොට පෘථක්ජනයා අකුසල් රැස් කරගනු ඇත. එසේනම් පෙර කල්ප වලදී සිදු වූ දේවල් මෙන්ම මේ විශ්වයේ ආරම්භය සිදු වූ හේතුව බුදු රදුන් වදාළානම් සහ එය අපගේ බුද්ධියට කිසි සේත්ම ගෝචර නොවන්නේනම් හෝ පවත්නා විද්‍යාත්මක සිද්ධාන්ත උල්ලංඝනය වේනම් අපි එය විශ්වාස කරාවිද?
මම සිතන ලෙස සස ජාතයකට සිදු වී ඇත්තේද එයයි. විද්‍යාවට ගෝචර නොවීම, කල්ප වෙනස් වීම් නොසැලකීම ආදිය නිසා එය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම එය හිස්මුදුනෙන්ම පිළිගැනීමත් බෞද්ධ ක්‍රමය නොවේ. චතුෂ්කෝටික ක්‍රමවේදය වැදගත් වෙන්නේ ඔවැනි අවස්ථාවේදීය. එසේනම් පන්සිය පනස් ජාතකය බුද්ධ භාෂිතයක්ද නැද්ද එසේනම් එය එක හෙළාම ප්‍රතික්ෂේප කරනවාද හෝ එහි බුද්ධ භාෂිතයේ ඇති පිළිගත හැකි කොටස් මොනවාද යන්න සැක හැර දැන ගත යුතුයි.
ඔබගේ ගවේශනයට මේ ත්‍රිපිඨක පොත් වහන්සේලා වැදගත් වේවි.
http://www.aathaapi.net/Thripitaka.php
# 32.ජාතක පාළි 1 (75 Mb)
# 33.ජාතක පාළි 2 (77 Mb)
# 34.ජාතක පාළි 3 (80 Mb)
මේ ලිපිය ගැන මා හිතවත් රංග නානායක්කාර මහතා මුහුන් පොතේ දැක්වූ අදහසක්ද එහි ඇති වැදගත්කම සලකා මෙතැන් සිට දක්වමි. මෙතැන් සිට දිවෙන්නේ එතුමාගේ අදහස්ය.
ශ්‍රක්‍රයාට ඇවැසි නම් සදේ ඒ වන විටත් තිබුනු උල්කාපාත මගින් සිදුවූ හෑරීම් තුලින් සස රූපය මැවෙන ලෙස උල්කාපාත කිහිපයක් පතිත කිරීම මහ දෙයක් නොවන්නට ඇත. එසේම අද සදේ පෙනෙ සස රූපය පැහැදිලි රූපයක් නොවේ. එම නිසා අවශ්‍ය නම් පෙර පැහැදිලිව තිබුනු සස රූපය උල්කාපාත වැටීම නිසා අද විනාශ වී ඇත ලෙසද ගත හැක. එසේම සත්ත්වයින් කථා කිරීම පිළිඹද කථාකිරීමේදී මා පෙර ඩයිජස්ට් සගරාවක කියවූ කථාවක් සිහිවේ. නමුත් මෙහි ස්ථාන හා නිවරද්‍ය භාවය පිළිඹදව මා දන්නේ නැත. සමහර විට අන්තර් ජාලයේම මෙවැනි කථා සොයා ගැනීමට හැකි වනු ඇත. එක් රටක ලේඛකයකු කිසියම් ගැමි පලාතකට ගිය විට එහි සතුන් කථා කරන දේ තේරුම් ගන්නන් සිටින බවට ආරංචියක් ලැබී ඒ එක් අයෙකු හෝ කිහිප දෙනෙකු රාත්‍රියේ ගෙන්වාගෙන ඇත. ඒ අවස්ථාවේ දී නරින් හූ කියමින් හිද ඇති අතර ඒ හූව කුමක් පිළිඹදවදැයි ඔවුන්ගෙන් විමසූ විට පසුවදා බඩු පුරවා ගත් ලොරි තුනක් පැමිණෙන බව කියමින් ඔවුන් හූ කියන බව ඒ මිනිසුන් පවසා ඇත. පසුවදා ඔවුන් පැවසූ ලෙසම පෙර කිසිදු ආරංචියකින් තොරව බඩු පුරවාගත් ලොරි තුනක් පැමිණි බව ලේඛකයා එහි සදහන් කර තිබුනි. මෙහි එවැනි තවත් කථා කිහිපයක් දැක්වුනු නමුත් ඒවා මාහට මතක නැත.
එසේම බොහෝ කලෙකට පෙර මා කිසියම් වාර්ථා වැඩසටහනක දුටු පරිදි කිසියම් ආසියාතික රටක කදුකර පෙදෙසක් වන එම පලාතේ මිනිසුන් දුර සිට අදහස් හුවමාරැ කර ගන්නේ තනිකර හූ හඩින් පමණි. එම ශබ්ධයෙන් අප සාමාන්‍යයෙන් කථා කරන ආකාරයටම ඔවුන් අදහස් හුවමාරැ කර ගන්නා සැටි මා දුටුවද තනිකර හූ හඩක් මිස වෙනත් කිසිවක් මටනම් නොතේරුනි. එහිදී එම වැඩ සටහන ඉදිරිපත් කරන්නා එක් කනන්ඩියක සිට තවත් කන්ඩියක සිටින්නන්ට හූ හඩින් විවිධ දේ කරන ලෙස ඔවුන්ට කියන ලෙස තමුන් සමග සිටින්නන්ට කියයි. දුරින් සිටින්නන් එම විධාන වලට අනුව ඉතා නිවැරදිව හැසිරෙයි. එම නිසා සතුන්ගේ ශබ්ධය වුවද අපට නොතේරුනද එහි අර්ථයක් නැතැයි සිතිය යුතු නොවේ.
read more "සස ජාතකය ගැන විකල්ප අදහසක්"