මහින්ද හිමිගේ කවිවල
පද ඇත සමහර කවි තුල
අපගේ ජාතික තොටිල්ල
කරමු එමත සවිකිරිල්ල
දැක සසුනට වන විපතා
ධර්මපාල නම් වියතා
කළ මෙහෙවර අනගි ඉතා
ඉගෙන ගනින් මගේ පුතා
සෝම හිමිගෙ බණ පද වල
ඇති වටිනාකම දුටු කල
ලක්ෂ ගණන් බොදු සිත්වල
සිරි සදහම වුනා විපුල
සිය බළ ගලවමියි සිතා
දිවි පිදු සැඩ රුපුන් වෙතා
හසළක ගාමිණි පුවතා
ඉගෙන ගනින් මගේ පුතා
නන්දිකඩල් කලපුවෙදී
වෙඩි පිට වෙඩි පහර වැදී
රණවිරුවන් දිවි දෙද්දී
මැවිල පෙනේ ඒ සිද්ධී
මහ කොටියගෙ මළ කුණටත්
ගරු බුහුමන් කළෙ ඉමහත්
ශවෙන්ද්‍ර සිල්වාගෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්
මහින්ද අපෙ මහ රජිඳා
තෙද බල ඇති අපෙ හමුදා
කොටි රුපු බල බිඳ හළ දා
දැය එක්සේසත් වුනා එදා
තිස් වසරක් වල් වැදිලා
සිටි දෙමළගෙ බළ බිඳලා
රට එක්සේසත් කරලා
නව යුගයක් පැමිණීලා
සිහළ රටක් ගැන කතිකා
කළ සෙන්පති ෆොන්සේකා
නරක ඇසුර නිසා දුකා
පාඩම් නුඹටත් ඒකා :(
උස් තැන් දැක දිරි ගන්නේ
මිටි තැන් දැක සැනසෙන්නේ
විරුවෙක් යැයි සිතමින්නේ
මගේ පුතා නැළවෙන්නේ
No comments:
Post a Comment