හෙළයෝ කියන්නේ සිංහල ජාතිය ආරම්භ වීමට මූලික වුනු ජන වර්ගයෝ. මම සිංහලයෙක් කියනවාට වඩා මම හෙළයෙක් කිව්වහම අපිට කියාගන්න බැරි විදිහේ අපේ කමක් දැනෙනවා. එනිසා සිංහල කියන නම අද අපි භාවිතා කළත් හෙළ කියන නමට තාමත් බොහෝ අය ආදරෙයි.
බොහෝ අය සිතාගෙන ඉන්නේ හෙළයා කියන්නෙ රාවණා ඉතිහාසය කරපින්නාගෙන යන අතීතකාමියෙක් කියලා. ඒත් එය එසේ විය යුතු නැ. එනිසා මෙම බ්ලොග් අඩවියේ හෙළයෙක් ලෙස මම දකින ලෝකය ගැන ලියා තිබෙනවා. සමහර විට මගේ දේශපාලන දර්ශණයට ඔබ එකඟ නොවෙන්න පුළුවන්, මොකද කියනවානම් සැම හෙළයෙක්ගේම දේශපාලන දර්ශණය සමාන විය යුතු නැහැනේ. ඒ වගේම ඕනැම ලිපියක් සංවාදයට විවෘත්තයි.